2019 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරග හෙට සහ අනිද්දා

0
536

කොව්ඩ් 19 වෛරස තත්ත්වයෙන් පසුව මෙරට පැවැත්වෙන පළමු ජාතික වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පවත්වන ලද 2019 ඩයලොග් ජනාධිපති රන් කුසලාන කනිෂ්ඨ සහ ජේෂ්ඨ වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරඟ මෙම මස 25  සහ 26 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රධාන තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය අනිද්දා (26 වැනිදා) ප.ව. 3.00ට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ දෙබෑගම රන්තරු යන කණ්ඩායම අතර පැවැත්වේ. කාන්තා අවසන් මහා තරගය එදින ප.ව. 1.00 ට පැවැත්වෙන අතර ඒ සඳහා මහ උස්වැව රත්නපාල සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ.

ප්‍රධාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ අවසන් තරග 25 වැනිදාට යෙදී තිබේ. එදින ප.ව. 1.00ට ආරම්භවන කාන්තා අවසන් තරගය සඳහා මහ උස්වැව රත්නපාල කණ්ඩායමත්, කෑගල්ල හයිඩ්‍රාමනී කණ්ඩායමත් සුදුසුකම් ලබන අතරවාරයේදී ප.ව. 3.00ට ආරම්භ වන අදාළ පිරිමි අවසන් තරගය සඳහා නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායමත්, වෙන්නප්පුව ජෝසප් වාස් කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here