ඩුබායි හි පැවැත්වෙන ආසියානු ශූරතා සත් සාමාජික තරගාවලියට යන ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම නම් කරයි.

0
729

නායකත්වය අධීෂ වීරතුංග ට හිමි වේ.

ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් මෙම මස 19 සහ 20 යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ඊයේ (11දා) නම් කළේය.

අසෝක ජයසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ජාතික රග්බි තෝරා ගැනීමේ කමිටුව විසින් නම් කර ඇති මෙම කණ්ඩායමට අයත් සාමාජිකයින් සංඛ්‍යාව 12 දෙනෙකි.

 සත් සාමාජික පිරිමි කණ්ඩායම

අධීෂ වීරතුංග (නායක), සැමුවෙල් ඔගෙබෙබෝර්, කාංචන රාමනායක, අංජුල හෙට්ටිආරච්චි, කුෂාන් ඉඳුනිල්, සුධාරක දික්කුඹුර, ඉරෝෂන් සිල්වා, ඉෂාර මධුෂාන්, ජනිදු ඩිල්ශාන්, නුවන් පෙරේරා, නිශෝන් පෙරේරා සහ සචින් සිල්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here