පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක පළමු තරගය අද (20) Rawalpindi Cricket Stadium යේදී ඇරඹේ.
ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30 සිට ක්‍රීඩා ආරම්භ වීමට නියමිතය.
ආරක්ෂක සහ ලොජිස්ටික් කරුණු හේතුවෙන් මෙවර සියලුම තරග Rawalpindi ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
PCB, SLC සහ අනෙකුත් ආරක්ෂක ආයතන සමඟ පැවති සාකච්ඡා පසු මෙම නව සැලැස්ම අනුමත කර ඇත.
🦁 ශ්‍රී ලංකා කණ්ඩායම – නායකත්වය දසුන් ශානකගේ අතට..
මෙවර ශ්‍රී ලාංකීය කණ්ඩායම මෙහෙයවන්නේ T20 ක්‍රීඩාවේදී දක්ෂ නායකයෙකු වන දසුන් ශානකයි.
ඔහුගේ නායකත්වය යටතේ තරගාවලිය 2026 T20 ලෝක කුසලානයට පෙර වැදගත් සූදානමක් ලෙස සැලකේ.
🇵🇰 පළමු තරගයේ ජය – පාකිස්ථානයට
මෙම තරගාවලියේ පළමු ගැටුම 18 නොවැම්බර්යේදී පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්විණි.
එහිදී පාකිස්ථානය සුවිශේෂී ක්‍රීඩාවකින් ජයග්‍රහණය කර තරගාවලියේ ඉදිරියට ශක්තිමත් සිදු කර ඇත.
තරිදු මධුෂාන්



















