ගුවාහටි, ඔක්තෝබර් 29 – 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය අද (ඔක්තෝබර් 29) ගුවාහටි නගරයේ Barsapara ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
මෙය තරගාවලියේ ඉතා වැදගත් තරගයකි. විශිෂ්ට තරග ජයග්‍රහණ සමගින් ලෝක කුසලාන පූර්ව වටයෙන් ඉදිරියට පැමිණ එංගලන්තය මේ මොහොතේ ජයග්‍රහණය කිරීමේ ප්‍රබල අපේක්ෂිතයින් අතර පවතින අතර, දකුණු අප්‍රිකාව ද තරඟාවලියේ පසුපස භාගයෙන් ඉතා ශක්තිමත් ආකාරයෙන් ආපසු පැමිණි සටනක් දක්වමින් අර්ධ අවසන් පදවියට පැමිණ තිබේ.
එංගලන්ත කණ්ඩායමේ තත්ත්වය
ඉහළ දක්ශතාවයක් දක්වන ලද ඔවුන්ගේ නායිකා Heather Knight සහ arm pain (අත්බල වේදනාවක් ) පීඩා විඳින නමුත් තරගයට සහභාගි වීමට සැලසුම් කරන Sophia Ecclestone යනු ඔවුන්ගේ ප්‍රධාන ශක්තියන්ය. පසුගිය වතාවේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ජය ගත් එංගලන්තය මෙම තරගයේද එම ජයග්‍රහණය නැවත ලබා ගැනීමට උත්සාහ දරයි.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ සැලසුම
කණ්ඩායමේ නායිකාව Sune Luus මෙවර තරගාවලියේදී පැවති තරගාවලිදී විශාල ඉනිමක් නොකළත්, අනෙක් ක්‍රිඩීකාවන් වන Laura Wolvaardt, Marizanne Kapp වැනි පළපුරුදු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවය මත ඉදිරියට පැමිණ ඇත. ඔවුන්ගේ වේග පන්දු යවන්නියන්ගේ තත්ත්වයද ඉතා හොඳයි.
ක්‍රීඩාපිටියේ තත්ත්වය
ගුවාහටි පිටිය සාමාන්‍යයෙන් ස්පින් පන්දු යවන්නන්ට සහය වන අතර, පස්වරු වේලාවේදී පීච් එක තද වෙන බව විශ්ලේෂකයන් පෙන්වා ඇත. එමනිසා තරගය ජයගන්නා කණ්ඩායමට පලමුව පන්දු යැවීම ප්‍රයෝජනවත් විය හැක.
පූර්ව අනාවැකි
ක්‍රීඩා විශ්ලේෂකයන්ගේ අනාවැකි අනුව, එංලන්තය මෙම තරගය ජයගැනීමේ ප්‍රබල අපේක්ෂිතය ලෙස සැලකෙයි. නමුත් දකුණු අප්‍රිකාවගේ පසුගිය දක්ශතා සැලකිල්ලට ගත් විට, තරගය අවසන් පන්දු කිහිපයකදී තීරණය විය හැකි උණුසුම් සටනක් බව පෙනේ.
තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි…
තරිදු මධුෂාන්

















