සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ තෙවැනි එක් දින තරගය කඩුලු අටකින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි.තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ වෙනස්කම් දෙකක් සහිතවයි. ඒ අනුව ශෙවෝන් ඩැනියල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තා. පළමු එක්දින තරග දෙකට ක්‍රීඩා නොකළ වනිදු හසරංගද මීට තරගයට කැඳවා තිබුණා.
සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 7 යි පන්දු 4 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 40 ක් ලබා සිටියදී තරගයට වර්ශාවෙන් බාධා එල්ල වුණා. යළිත් තරගය ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දුවාර 43 කට සීමා කරමින්.
සිම්බාබ්වේ කණ්ඩායම පන්දු 11 යි පන්දු 5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියදී යළින් තරගයට වර්ශාවෙන් බාධා එල්ල වුණා. යලි තරගය ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දුවාර විසි හතකට සීමා කරමින්.
සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර විසි දෙකයි පන්දු පහක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 96 ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දුවාර 5 පන්දු 5 කදී ලකුණු 19 කට කඩුලු 7 යි. එය එදින තරඟයක වනිදු වර්තා කළ හොඳම පන්දු යැවීමයි. එක් දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පස්වැනි පන්දු යැවීම මෙයයි.
අනතුරුව ශ්‍රී ලංකාව තරගය ඉතා පහසුවෙන් ජයගත්තේ පන්දුවාර 16 යි පන්දු 4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 97 ක් රැස් කරමින්.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66 යි.
තරගයේ වීරයා වනිදු හසරංග.
තරගාවලියේ වීරයා සම්මානය ජනිත් ලියනගේ ට හිමි වුණා.