73 වන ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ජයග්‍රහණ දෙකම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකරගනී.

0
336

මන්චී සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය කාන්තා හා පිරිමි ශූරතාව දෙකම දිනාගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා.

73 වරට සංවිධානය කළ මන්චි සුපර්ලීග් ජාතික වොලිබෝල්  ශූරතාවලිය පසුගිය  (28) මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

මෙම තරඟාවලිය සඳහා වසර 2007 සිට මේ වන තෙක් අනුග්‍රාහකත්වය දරන්නේ මංචී ආයතනයයි. 

කාන්තා අවසන් තරගය සඳහා ගුවන් හමුදා කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම තරග වැදුණා. මෙහිදී තියුණු තරගයකින් පසු වට තුනට එකක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජය ගනු ලැබුවා. කාන්තා තුන්වන ස්ථානය හිමි කර ගත්තේ හයිඩ්‍රාමනී ආයතන කණ්ඩායමයි

පිරිමි අවසන් තරගය සඳහා ගුවන් හමුදා කණ්ඩායම හා විදුලිබල මණ්ඩල කණ්ඩායම තරගවැදුනා. මෙහිදී වට තුනට බින්දුවක් ලෙස විදුලිබල මණ්ඩල කණ්ඩායම පරාජයට පත් කර ගුරන් හමුදා කණ්ඩායම ජය හිමිකරගනු ලැබුවා. පිරිමි තුන්වන ස්ථානය හිමිකරගත්තේ වරාය අධිකාරි කණ්ඩායමයි.

මෙවර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසළානය ගුවන් හමුදා කණ්ඩායමේ අනූෂා අබේසිංහ හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසළානය ගුවන් හමුදා කණ්ඩායමේ මහේල ඉන්දීවර දිනාගන්නා ලදි.

ත්‍යාග හා කුසළාන ප්‍රදානය සඳහා ‍ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සිලෝන් බිස්කට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී රසිත් වික්‍රමසිංහ යන මහත්වරුන් එක් වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here