ආසියානු යොවුන් පැරා උළෙලේ දී මෙරටට පදක්කම් හතරක්.

0
488

04 වන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල පසුගිය 2දා බහරේන් හිදි ආරම්භ විය.

එහිදී  මලල ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක්  හා පිහිණුම් ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත්ව සිටිති.

ඒ ගේට්වේ විද්‍යාලයේ ජේසන් ජයවර්ධන F40 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම ද, කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ T47 කාන්ඩයේ මීටර 200 ඉසව්වන් ලෝකඩ පදක්කමක් හිමිකරගනිමිනි.

මේ අතර S6-10 කාණ්ඩයේ මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නට යාපා බන්ඩාර සමත් වූ අතර එම කාණ්ඩයේ  පිරිමි ඉසව්වෙන් නවීඩ් රශීන් ⁣ලෝකඩ පදක්කම හිමිකරගන්නා ලදි. ‍‍

මෙම ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 06 වනදා අවසන් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here