ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් තරගාවලිය කොළඹ උතුර පිලට ලකුණු 8ක ජයක්…..

0
547

ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද “ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ” කොළඹ උතුර හා දඹුල්ල අතර පැවැති තරගය කොළඹ උතුර පිලට ලකුණු 8ක ජයක් ගෙන දුන්නි.

කොළඹ මැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඕවර් 38කට සීමාවූ අතර, කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩකයෝ මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ඕවර් 39කදී කඩුලු 5ක් දැවී ලකුණු 201කට සීමා විය.

කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209

ජනදීප ඔකාෂ් 27, චේතින කාවින්ද 53, මිෂික අබේවර්ධන 12, හෆීස් ජුන්කීර් 35, සෙහඳු සමරවීර 19, සඳිස කාවින්ද 23, අබ්දුල් රහුමාන් 7, ෂෙනුක් නිලේෂ් නොදැවී 12, අතිරේක 19 (සජිත නෙත්සර 41/1, පබසර වනසිංහ 17/1, රසිඳු ආකර්ෂා 30/3, යුමාල් එගොඩගේ 47/1, නෙසාද් වීරසේකර 39/3)

දඹුල්ල පිල ඕවර් 38කදී කඩුලු 5කට ලකුණු 201

දිසස් කාවින්ද නොදැවි 101, තාරුක්ෂ ද සිල්වා 25, සන්තෝෂ් ගුණසේකර 39, පබසර වනසිංහ 16, අතිරේක 15 (දෙසිඳු දින්සර 42/1, සඳිස කාවින්ද 21/2, අබ්දුල් රහුමාන් 34/1)

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here