නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය.

0
544

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අවසන් වනවිට නවසීලන්තය තම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ, නවසීලන්තයේ බේ ඕවල් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 511 ක් රැස් කළේය.

රචීන් රවීන්ද්‍ර ලකුණු 240 ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 118 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී නීල් බ්‍රෑන්ඩ් කඩුලු 6 ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව, තම පළමු ඉනිමට රැස් ‍කළේ, ලකුණු 162 ක් පමණි.

වැඩිම ලකුණුලාභියා වූ කීගන් පෙටර්සන් ලකුණු 45 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ මිචෙල් සැග්නර් කඩුලු 3 බැගින් බිඳ හෙලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here