“ගැලැක්සි” කුසලාන වොලිබෝල් ශූරතාවය 2021

0
407

* ශූරයන්ට   ලක්ෂ 10 * අනු ශූරයන්ට ලක්ෂ 05

පළමු වරට බොෂෑන්ග් ලංකා ඉන්වෙස්මන්ට් හෝල්ඩිංග්ස් පුද්ගලික ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමග එක්ව දියත් කරනු ලබන “ගැලැක්සි” කුසලාන වොලිබෝල් ශූරතාවය 2021 මාර්තු මස 16 වෙනි දින සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය අවුරුදු 25 න් පහළ තරගාවලිය ලෙස පැවැත්වේ. දිවයිනේ දක්ෂ පිරිමි කණ්ඩායම් 08 ක් සහ කාන්ත කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් ලීග් තරගාවලියක් ලෙස පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව සදහා රුපියල් මිලියනයක් හා අනු ශුරතාව සදහා රුපියල ලක්ෂ 05 ක්ද, තෙවන ස්ථානය සදහා රුපියල් ලක්ෂ 02 ක් ද පිරිනැමීමට සංවිධායකයින් කටයුතු කරන අතර, විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන හා සහතික පත් ප්‍රධානය කෙරේ.

මූලික තරග 2021 මාර්තු 16 සිට 22 දක්වා ගාල්ල, දඩැල්ල වොලිබෝල් හවුස් හි පැවැත්වෙන අතර, අර්ධ අවසන් තරග 2021 මාර්තු 26 සහ 27 යන දිනයන්හිදී ද, අවසන් තරග අප්‍රේල් 10 දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here