ලංකා ප්‍රිමියර් ලීග් පිළිබඳව ඇමති නාමල් කතා කරයි.

0
491

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය ලබා දිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලන වෙනස්කම් පසෙකට දමා ඒ සදහා සහාය විය යුතු බවයි අමාත්‍යරවයා පෙන්වා දෙන්නේ.

“කොරෝනා වසංගත තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ද අප සැවොම මෙම අවස්ථාව යොදා ගත යුතු වනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here