ගම්පහ සියනෑ තරු කණ්ඩායම සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම ජනාධිපති රන් කුසලාන දිනාගනී.

0
383

පිරිමි අවසන් තරගය තියුණු තරගයකින් පසු දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය තරග වට 2 ට 3 ක් පරාජය කරමින් ගම්පහ සියනෑ තරු කණ්ඩායම මෙවර ජනාධිපති රන් කුසලාන දිනාගැනීමට සමත් විය.

කාන්තා අංශයේ ශුරියන් බවට පත්වුනේ මහ උස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 1 ට 3 ක් ලෙස පරාජය කළ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයයි.

තරගාවලියේ අවසන් තරග 25 දා සහ 26දා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගංනයේදි පැවති අතර අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගි විය.

වොලිබෝල් සම්මේලනයේ සභාපති හා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමා,ඩයලොග් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here