ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු සඳහා අයදුම්පත් කැඳවයි…

0
62

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා නව අයදුම්පත් කැඳවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. වත්මන් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ කොන්ත්‍රාත් කාලය 2025 වසර අවසානයේදී කල්පිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

SLC සඳහන් කළ පරිදි, නව ප්‍රධාන පුහුණුකරුගේ වගකීම් අතරට ඇතුළත් වන්නේ ජාතික කාන්තා කණ්ඩායම සඳහා ඉහළ කාර්යසාධන පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සංවර්ධනය කිරීමයි. එයට අමතරව, ජාත්‍යන්තර තරඟ, ද්විපාර්ශ්වික තරගමාලා සහ ICC තරඟාවලි සඳහා කණ්ඩායම සූදානම් කිරීමද ප්‍රධාන වගකීමක් ලෙස නම් කරයි.

ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ ශක්තිමත් ජාතික සංචිතයක් ගොඩනැඟීමද මෙම තනතුරේ සුවිශේෂී කාර්යභාරයකි.
තෝරා ගැනීමේ කමිටුව, සහායක කාර්ය මණ්ඩලය සහ ඉහළ කාර්යසාධන ඒකක සමග සමීපව කටයුතු කිරීම, කණ්ඩායම තුළ වෘත්තීයභාවය, විනය, සමගිය සහ අඛණ්ඩ දියුණුව ඇති සංස්කෘතියක් ගොඩනැඟීමද අදාළ නිවේදනයේ තද කාරණා ලෙස සඳහන් වේ.

නවීන පුහුණු ක්‍රමවේද භාවිතා කරමින් ක්‍රීඩිකාවන්ගේ තනි පුද්ගල සහ කණ්ඩායම් කාර්ය සාධනය ඉහළ නැංවීමද නව පුහුණුකරුගේ ප්‍රමුඛ කයින්ම වගකීමක් වනු ඇත.

ඒ අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලයද මේ වසර අවසානයේදී අවසන් වන බැවින්, නව තේරීම් කමිටුවක් සඳහා යෝජිත නම් ඉදිරිපත් කරන ලෙස SLC විසින් ක්‍රීඩා සමාජවලට දැනුම්දී ඇත.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here