චරිත් අසලංක හා අසිත ප්‍රනාන්දු අසනීප තත්වයක් හේතුවෙන් දිවයිනට — දසුන් ශානකට ශ්‍රී ලංකා නායකත්වය

0
101

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය සිය නිළ නිවේදනයකින් දැනුම් දී තිබේ. එම නිවේදනය (17) පස්වරුවේ ප්‍රකාශයට පත් විය.

මෙම හදිසි වෙනස්කම හේතුවෙන් පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස (T20) තරගාවලියේදී ඔවුන්ට ක්‍රීඩා කිරීම අහිමිවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකත්ව වගකීම දසුන් ශානකට පැවරීමටත් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය

තරිඳු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here