එක්දින තරගාවලිය හෙට ඇරඹේ…

0
174

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වීමට නියමිතය.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර තරගාවලියට එක්දින තරග 3 ක් ඇතුළත්ව තිබේ.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස්. උප නායකත්වය චරිත් අසලංකට හිමියි. පැතුම් නිස්සංක , අවිශ්ක ප්‍රනාන්දු ,සධීර සමරවික්‍රම , ජනිත් ලියන්නේ ,වනිදු හසරංග ,මහීශ් තීක්ෂණ, දුශ්මන්ත චමීර , ඩිල්ශාන් මදුශංක ,ප්‍රමෝද් මදුෂාන් , සහන් ආරච්චිගේ, අකිල දනංජය , දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න සහ ශෙවෝන් ඩැනියල් නම් කළ කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

දෙපිලේ නායකයින්ගේ සහභාගීත්වයෙන් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය එලි දැක්වුනේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

තරගය සදහා සූදානම් වන දෙපිලේ ක්‍රීඩකයින් අද සිය අවසන් පුහුණු සැසියට සහභාගී විය.

දෙරට අතර හෙට පැවැත්වෙන්නේ 13 එක්දින තරගයයි. මෙතෙක් පැවැති එක්දින තරග 12න් තරග 7ක් ශ්‍රී ලංකාව ජයගත්තා.

තරග 4ක ජයග්‍රහණය හිමි වුණේ ඇෆ්ගනිස්තානයට.

එක් තරගයක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.

මේ අතර මෙරට දී ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්ථානයත් අතර පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 6 කි.

ඉන් තරග 3 ක් පැවැත්වුණේ හෙට තරගය පැවැත්වීමට නියමිත නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

එම තරග 3න් එක බැගින් කණ්ඩායම් දෙකම ජය ලබාගත් අතර එක් තරගයක් නිමා වුණේ තීරණයකින් තොරවය.

හෙට තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here