ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව ලොව සෑම ටෙස්ට් රටකටම එරෙහිව ජයග්‍රහණයක් ලැබූ පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.
කොළඹ එස් එස් සී පිටියේ පැවති තරගයේ පළමු ඉනිමට ඇෆ්ගනිස්ථානය ලකුණු 198 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439 යි.
ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම ලකුණු 296 ක් රැස් කළේය.
අනතුරුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 56 කි.
ඔවුන් කිසිවෙකු නොදැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට සමත් විය.
තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරියයි.