සුපිරි 04 ට ඉන්දියාව,පකිස්ථානය,ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව.

0
319

2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමත් විය.

පකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ජය ගත්තේ පාකිස්තානයයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

බංග්ලාදේශය හමුවේ පකිස්ථානය ලකුණු 155 කට සියල්ලන් දැවී ගියා.

නමුත් පකිස්ථානයේ සටන්කාමී පන්දු රැකීම සහ යැවීම නිසා බංග්ලාදේශයට පන්දු වාර 35.5 ක් තුළ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ උබේඩ් ෂා ලකුණු 44කට කඩුලු 5ක් දවා ගනිමින් පකිස්ථානය අවසන් පූර්ව වටයට රැගෙන යාමට සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 11 වනදා සත්කාරක දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here