අප්න හා දිනාරා විවෘත ටෙනිස් ශූරතාව හිමිකර ගනී.

0
237

එස් එස් සි ක්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධාන කරන විවෘත ටෙනිස්  තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව හිමිකර ගැනීමට  අප්න පෙරේරා සමත් විය. එහි කාන්තා ශූරතාව හිමිකර ගත්තේ, දිනාරා ද සිල්වා යි.

තරග පැවැත්වුණේ, එස් එස් සී ටෙනිස් ක්‍රීඩා පිටියේ දී.

වයස් කාණ්ඩ හා විවෘත ලෙස මසක කාලයක් පුරා තරග පැවැත්විණ.මෙහිදී පිරිමි  විවෘත අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අප්න පෙරේරා සහ කිරව්  වීරවන්තන් යන ක්‍රීඩකයින්ය.

අප්න පෙරේරා තරගය ජයගත්තේ,  වට 3 ට බිංදුවක් ලෙසින්.

කාන්තා අවසන් තරගයට දිනාරා ඩි සිල්වා සමග සාජිඩා රාසික් තරග වැඳුණා.

මෙහිදී වට දෙකට එකක් ලෙස තරගයේ ජය ගත්තේ, දිනාරා ද  සිල්වා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here