සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු 20/20 ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු අවසන් පන්දුවේදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලැබුණේ ඇන්ජෙලෝ මැතිවිස්ගෙනි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමට තීරණය කළේය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අවසන් පන්දුවේදී තරගය ජය ගත්තේ කඩුලු 7 ක් දැවී ලකුණු 144 ක් රැස් කර ගනිමින්.
ඇන්ජෙලෝ මැතිවිස් ලකුණු 46 ක් රැස් කිරීමට සමත් විය.