අවසන් තරගයට එස්.එස්.සී. සහ සෙබෙස්තියනයිට්ස් කණ්ඩායම්

0
215

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එස් එස් සී සහ සෙබෙස්තියනයිට්ස් කණ්ඩායම් සමත් විය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වුණේ එස් එස් සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර.

තරගය කොළඹ එන් සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් රැස් කිරීමට සමත් විය.

පිලිතුරු ලෙස එස් එස් සී කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 47 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 240 ක් රැස් කරමිනි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 125 යි.

එස් එස් සී කණ්ඩායම කඩුලු 6 කින් තරගයේ ජය හිමි කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here