පාපන්දු නිලවරණයට දින නියම වෙයි…

0
323

කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී තහනමට ලක්ව ඇති  ශ්‍රී ලංකා  පාපන්දු  සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීමට තීන්දු විය.

එම කමිටුව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු යූ. එල්. මජිඩ් , විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ‍්‍රාමික ජනරාල් උපාලි ගුණසේකර යන අයගෙන් සමන්විත වේ.

නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීම අගෝසතු 14 වන දින සවස විවෘත වූ අතර නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා ප.ව 3.00 ට අවසන් වීමට නියමිත යි.

2020 වර්ෂයේ සැප්තැම්බර් 22 සම්මත කර ගන්නා ලද නව ව්‍යවස්ථාව අනුව සැප්තැම්බර් 29 වැනි දා නිලවරණය පැවැත්වීමට එකඟතාවය පල වුණි.

නාමයෝජනා පිළිබඳ  අභියාචනා  භාරගැනීම  සැප්තැම්බර්  මස පළවෙනිදා සිට තුන් වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4 වැනි දා සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here