12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඇරඹේ. පළමු තරගයේ ජය සිංගප්පූරුවට.

0
305

දොළොස් වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය අද සිංගප්පූරුවේ OBC ක්‍රීඩා සංකීර්ණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

එහි දී ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි හා ආසියානු දැල්පන්දු සංගමයේ උප සභාපතිනිය වන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය සමාරම්භ උළෙලේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් තත්ත්වය මත පසුගිය කාලයේ පැවැත්වීමට නොහැකි ව තිබූ තරගාවලිය පැවැත්වීම හැකි වීම පිළිබදව සතුටට පත් වන බවයි. මෙවර කුසළානය සදහා උනන්දුවෙන් කැපවීමෙන් තරග කර ජයග්‍රහණය කරා යාමට හැකිවේවා යි ආසියානු දැල්පන්දු සංගමයේ උප සභාපතිනිය ලෙස ඇය සියලුම කණ්ඩායම් වෙත සුබ පැතුම් එක්කර සිටියා.

ප්‍රථම තරගය පැවැත්වුයේ ජපාන කණ්ඩායම සහ සිංගප්පූරු කණ්ඩායම අතරයි.

එහිදී පළමු වටයේදී සිංගප්පූරු කණ්ඩායමක් ලකුණු 21 කුත් ජපන් කණ්ඩායමක් ලකුණු 02 කුත්, දෙවන වටයේ දී සිංගප්පූරුව කණ්ඩායම ලකුණු 28 ක් ලබාගත් අතර ජපන් කණ්ඩායමට එකදු ලකුණක්වත් ලබා ගැනීමට නොහැකි වූවා.

තුන්වන වටයේදි සිංගප්පූරු කණ්ඩායම ලකුණු 30 කුත්, ජපන් කණ්ඩායම ලකුනු 0 යි. හතරවන වටයේ දී සිංගප්පූරු කණ්ඩායම ලකුණු 24 කුත් ජපාන් කණ්ඩායම ලකුණු 1 කුත් ලෙසින් ලකුණු 103 ට ලකුණු 3 ක් ලෙසින් ජපන් කණ්ඩායම පරදා සිංගප්පූරු කණ්ඩායම ජය ලැබුවා.‍

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 11 සහභාගී වේ. ශ්‍රී ලංකාව, ඉංදියාව, පිලිපීනය, සිංගප්පූරුව, ජපානය, මාලදිවයින, මැලේසියාව, බෘනායි, චීන තායිපේ, හොංකොං, තායිලන්ඩ් එම රටවල් වේ.

(ප්‍රසාද් සේනාධීර – සිංගප්පූරුවේ OBC ක්‍රීඩා සංකීර්ණයේ සිට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here