“සිව්දිග යා කරන , තාරුණ්‍යයේ ක්‍රීඩා මහා මංගල්‍යය” – 33 වන යෞවන ක්‍රීඩා උළෙල පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුව 2021.12.14 ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේදී සිදුවිය.
මෙම මාධ්‍ය හමුවේදි
33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමුවරට මෙවර ඩිජිටල් තාක්ෂණය උපරිමයෙන් යොදා ගනිමින් සිදුකෙරෙන අකාරය පිළිබඳ හදුන්වාදීම,
එළැඹෙන දෙසැම්බර් 19, 20,21, 22 දිනවලදි දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කගේ සහභාගිත්වයෙන් සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී සිදුකෙරෙන බව නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.
ජාතික තරුණසේවා සභාවේ ගරු සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ( පුහුණු) රෂිත දෙළපොල මහතා, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.