බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ පළමු දින තුන අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත් විය.
මෙහිදී පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 4 ක් හිමි වූ අතර, සෙසු පදක්කම් 7 ට හිමිකම් කීවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්.
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක පිහිණුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක් හිමිකරගැනීම විශේෂත්වයක් වේ.
මේ අතර, කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ මලල ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් හිමිකරගැනීමට සමත් වූවාය.
ඒසේම, කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්‍රාන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් හිමිකරගත්තේය
තුන්වැනි දිනයේ පදක්කම් හා දක්ෂතා
F42-47 – වයස 17න් පහළ දුර පැනීම – කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්‍රාන් – රන් පදක්කම
S6-10 – මීටර් 100 නිදහස් ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රන් පදක්කම
S6-10 – මීටර් 100 සමනල ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රිදී පදක්කම
F42-47 – වයස 20 න් පහළ දුර පැනීම – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – සිව්වැනි ස්ථානය
F42-47 – මීටර් 200 – – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – 7 වැනි ස්ථානය
T12 – මීටර් 200 – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ, රවිඳු සමරකොන් – 7 වැනි ස්ථානය ඔහුගේ සහායක පන්සිලු පසන්.
දෙවැනි දිනයේ පදක්කම් හා දක්ෂතා
F40-41 – කවපෙත්ත විසිකිරීම – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ජේසන් ජයවර්ධන – රිදී පදක්කම
F42-47 – දුර පැනීම – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම (මී.4.38)
T42-47 – මීටර් 100 – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම
T42-47 – වයස 17 න් පහළ මීටර් 100 – කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්රාන් – රිදී පදක්කම
T42-47 – වයස 20 න් පහළ මීටර් 100 – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – සිව්වැනි ස්ථානය
පළමු දිනයේ පදක්කම් හා දක්ෂතා
F40 – යගුලිය විසිකිරීම – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ජේසන් ජයවර්ධන – රිදී පදක්කම
T47 – මීටර් 200 – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම
S6-10 – මීටර් 400 කාන්තා නිදහස් ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රන් පදක්කම
S6-10 – මීටර් 400 පිරිමි නිදහස් ආර – කොළඹ ඩී.ඒස්. සේනානායක විද්‍යාලයේ – නවීඩ් රශීන් - ලෝකඩ පදක්කඩ