සිම්බාබ්වේ, ශ්‍රී ලංකා, සත්කාරක පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20 තරගාවලියේ අද (27) පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.කමිල් මීශාර පන්දු 48 ක් තුල ලකුණු 76 ක් ලබා ගත් අතර. කුසල් මෙන්ඩිස් පන්දු 23 කින් ලකුණු 40ක් සහ නායක දසුන් ශානක පන්දු 10ක් තුල ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් වුනා.
ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.
මෙහිදී තරගය පාකිස්තානය දෙසට හරවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නායක සල්මන් අගා නොදැවී ලකුණු 63ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මක වී තිබුණි.
ඒ පාකිස්ථාන කණ්ඩායම ලකුණු 06කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
අවසන් මහා තරගය එළැඹෙන 29වනදා රාවල්පින්ඩිහිදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරිදු මධුෂාන්

















