ලෝක පන්දුවට සදාකාලික නමක් වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (CR7) විසින් එල්ල කළ නවතම ‘බයිසිකල් කික්’ සමාජ මාධ්‍ය භූමිය සම්පූර්ණයෙන්ම කතාබහ කරවමින් දැඩිව වයිරල් වී තිබේ.
පැය කිපයක් ඇතුළත ලක්ෂ ගණනක පෙනුම් ලැබූ මෙම වීඩියෝව දැනටමත් ලොව පුරා ක්‍රීඩා ආදරවන්තයන්ගේ අවධානය ගොඩනඟා තිබේ.
ඒ ඊයේ දින පැවති සිය සෞදි අරාබි කණ්ඩායම වන අල් නස්ර් වෙනුවෙන් තරග කළ පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුටම අනන්‍ය වූ ‘බයිසිකල් කික්’ එකකින් ගෝලයක් වාර්තා කළාය.
රොනාල්ඩෝගේ ‘බයිසිකල් කික්’ එක පාපන්දුලෝලීන්ට අලුත් දෙයක් නොවුණත්, මෙය 40 වැනි වියත් ඉක්මවා ගිහින් සිටින ඔහු විසින් පවත්වාගෙන යන ක්‍රීඩාවේ ගුණාත්මකභාවය තවත් වරක් ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි බොහෝදෙනාගේ මතය වී ඇත්තේ.
රොනාල්ඩෝ, අල් නස්ර් කණ්ඩායම, අල් කලීජ් කණ්ඩායම 4-1ක් ලෙස පරාජය කළ සෞදි ප්‍රෝ ලීග් තරගයේදී මෙම දර්ශනීය ගෝලය වාර්තා කළා.
මෙම ගෝලය තරගයේ අමතර කාලයේ හයවන මිනිත්තුවේදී වාර්තා කර තිබුණා.
එය රියාද්හි අල්-අව්වාල් උද්‍යානයේදී නවාෆ් බූෂාල්ගේ දකුණු තටු හරස් පහරකින් පසු රොනාල්ඩෝ දඬුවම් ප්‍රදේශය මැදින් ඉහළට නැඟී එල්ල කළ විස්මිත හිසට ඉහළින් පහරක් වුණා.
මෙම ගෝලය, ගෝල රකින්නාට නවතාලීමට නොහැකි තරම් ප්‍රබල වූ ඇක්‍රොබැටික් වොලියක් (Acrobatic volley) ලෙසයි විස්තර කර ඇත්තේ.
මෙය රොනාල්ඩෝගේ වෘත්තීය ජීවිතයේ 954 වන ගෝලයයි.
එය 2018 දී ජුවෙන්ටස් කණ්ඩායමට එරෙහිව චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේදී රියල් මැඩ්රිඩ් වෙනුවෙන් ඔහු ගැසූ බයිසිකල් කික් එක සිහිගන්වන බව පැවසෙනවා.
තරිදු මධුෂාන්


















