ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම් අතර පවත්වන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය (02) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරංගයක් ලෙස පැවැත්වින. එහිදී කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.
ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොළසන් මැද පන්දුවට පහර දීමට පිටියට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 7ක් තිබියදී එක් ලකුණක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියා. ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ මුළු ලකුණු 46ක් ක් තිබියදී සදීර සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියා. තුන්වන කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 60 වෙද්දි ලකුණු 18 ක් ලබා සිටී සදීර සමරවික්‍රම දැවී ගියා. චරිත් අසලංකා ලකුණු 14 ක් ලබා සිටියෙදි හතරවන කඩුල්ල ලෙස දැඩි ගියා.
මුළු ලකුණු සංඛ්‍යාව101 දිස්වෙද්දි අගනා ඉනිමක් ක්‍රීඩා කළ (හතරේ පාරවල නවයක් සමඟින්) ලකුණු 56 ක් ලබා සිටි පැතුම් නිශ්ශංක දැවී ගියා. ලකුණු 20 ක් ලබා සිටි ජනිත් ලියනගෙ හයවන කඩුල්ල ලෙස දවා ගැනිමට ඉන්දියන් කණ්ඩායම සමත් වූවා. පිටියට පිවිසුණු වනිදු හසරංග (එක් හතරේ පාරක් සහ හයේ පහරවල් දෙකක් සමගින්) ලකුණු 24ක් ලබාසිටියදි 7 වන කඩුල්ල ලෙස දැවී ගියා. මුළු ලකුණු සංඛ්‍යාව 224 ක් තිබියදී ලකුණු 14ක් ලබා සිටි අකිල ධනංජය අටවන කඩුල්ල ලෙස දැවී ගියා. හතරේ පාර 7ක් සහ හයේ පහරවල් 2ක් සමගින් නොදැවී ලකුණු 67ක් ලබා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූවා. ඔහුගේ පළමු අර්ධ ශතකය වාර්තා කිරිමට සමත් විය. ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු අටක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 230ක් ලබාගන්නා ලදි.
ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදි A singh සහ Apatel කඩුලු දෙක බැගින් ලබා ගත් අතර M siraj, S dube,K yadeev සහ sundar එක් කඩුල්ල බැගින් ලබා ගන්නා ලදී.
ලකුණු 250ක ඉලක්කයක් හඹා යෑමට පිටට පිව්සුණු ඉන්දියන් කණ්ඩායමේ පලමු කඩුල්ල ලකුණු 75 දි දෙවන කඩුල්ල ලකුණු 80 වේදි තුන්වන කඩුල්ල ලකුණු 87 දි හතරවන කඩුල ලකුණු 130 දි පස්වන කඩුල ලකුණු 132 දි හයවන කඩුල ලකුණු 189 දී හත්වන කඩුල ලකුණු 197 දි අටවන කඩුල්ල ලකුණු 211දි නවවන කඩුල ලකුණු 230 දී අවසන් කඩුලත් ලකුණු 230 දි
ඉන්දියන් කණ්ඩායමේ සියලුම දෙනා පන්දු වාර විස්ස තුළ දැවී ලබාගත හැකි වූ ඒ ලකුණු 230 ක් පමණි. ඒ අනුව කණ්ඩායම් දෙකම සම තත්ත්වයට පත්විය.
ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන් ළකුණු රැස්කිරීමේදී KL Rahul 31 යි ,A patel 33 යි, S Dube 25 යි, Rohith sharma 58 යි. ඉන්දීයන් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේදී අවිශ්ක ප්‍රනාන්දු පන්දුවාර 6 ක් යවා එක් නොයිදුල් පන්දුවාරයක් සමග ලකුණ 34 ට එක් කඩුල්ලක්. දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 9යි එක් නොඉඳුල් පන්දු වාරයක් සමග ලකුණු 39 ට කඩුලු දෙකයි,වනිදු හසරංග පන්දු වර 10 ලකුණු 58 ට කඩුලු 3 යි,චරිත් අසලංක පන්දුවාර 8 යි පන්දු 5 කදි ලකුණු 30 ට කඩුලු 3 යි.
පන්දුවාර 9ක් යවා එක් නොඉඳුල් පන්දුවාරයක් සමග ලකුණු 39 කට කඩුලු 2 දවා ගනිමින් පන්දු 65 ක් තුල ලකුණු 67ක් ලබමින් නොදැවී ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ තරගය වීරයා විය.
Sri Lanka 230/8 (50 Overs) RR: 4.60 (Dunith Wellalage 67, Pathum Nissanka 56, Janith Liyanage 20, Kusal Mendis 14, Charith Asalanka 14, Axar patel 2/33, Arshdeep Singh 2/47, Shivam Dube 1/19, Kuldeep Yadav 1/33, Mohammad Siraj 36, Washington Sundar 1/46)
India 230 47.5 Overs RR: 4.80 (Rohit Sharma 58, Axar Patel 33, K.L. Rahul 31, Shivam Dube 25, Virat Kohli 24, Shreyas Iyer 23, Subman Gill 16, Mohammad Siraj n.o. 5, Charith Asalanka 3/30, Wanindu Hasaranga 3/58, Dunith Wellalage 2/39, Asitha Fernando 1/34, Akila Dananjaya 1/40)
-ප්‍රසාද් සේනාධීර –