වසර 92 කට පසු ටෙස්ට් ජය නවසීලන්තයට.

0
236

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට නවසීලන්තය අද සමත් විය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට වසර 92 ක්. දෙරට අතර දෙවැනි ටේසට් ක්‍රිකට් තරගය හැමිල්ටන් හිදී පැවැත්විණ.

පළමු ඉනිමට දකුණු අප්‍රිකාව, ලකුණු 242 ක් රැස් කළ අතර, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 211 රැස් කළ අතර දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 235 ක් රැස් කිරීමට සමත් විය.

තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට හිමි වූ ඉලක්කය ‍ලකුණු 267 කි.

ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ, කඩුලු 7 කිනි.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව, නවසීලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ, තරග 2 ට බින්දුවක් ලෙසිනි.

වසර 92 ක් තුළ දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 18 කි.

ඉන් තරගාවලි 13 කම ජය හිමිව තිබුණේ, දකුණු අප්‍රිකාවටය.

තරගාවලි 4 ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here