කොටහේන ශාන්ත බෙනඩික් සහ කොළඹ වෙස්ලි, විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය ලබන 23, 24 දෙදින කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයව තිබේ.
තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී ඊයේ පැවැත්විණ.
තරගයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම සහ අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය මාධ්‍ය හමුවේදී සිදු කෙරිණ.
මෙවර කොටහේනම ශාන්ත බෙනඩික් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ශාරුජන් ශන්මුගනාදන් විසිනි.
ඔහු නිමා වූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරන්නේ, සනිඳු අමරසිංහයි.
මෙම පාසල් 2 අතර එක්දින තරගය මාර්තු 2 වැනිදා පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ පැවති මාධ්‍ය හමුවට විද්‍යාලයීය විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














