ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා
දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගය, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ලබන දෙවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ධනංජය ද සිල්වායි.
උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, කමිදු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට ඇතුළත්.
මේ අතර, තවමත් ටෙස්ට් වරම් නොමැති ලහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.