රොෂාන්ගේ ගැසට් දෙකක් හරීන් බලරහිත කරයි.

0
286

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශ්‍රී ලංකා කරාතේ දෝ” සම්මේලනය මහ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය යන අතුරු කමිටු දෙකයි, එලෙස විසුරුවා ඇත්තේ.

පසුගිය වසරේ ජූලි මස 28 වැනිදා, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරාතේ දෝ සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින්, අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.

හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම ගැසට් නිවේදනය බල රහිත කිරීමත් සමග, මීට පෙර නිලධාරී මණ්ඩලයට එහි බලය යළි හිමිව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින්, අතුරු කමිටුවක් පත්කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 9 වැනි දිනයේයි.

එය අත්හිටුවීමත් සමග මීට පෙර පැවති නිලධාරී මණ්ඩලයට එහි බලය හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here