ICC ය වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත් කරුණාරත්න ඇතුළත් කරයි.

0
272

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ, 2023 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත්ව තිබේ. නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත්. ‍‍

දිමුත් කරුණාරත්න පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක විය.පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 6 ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 608 ක් රැස් කළේ 60.8 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.

ඔහු නවසීලන්තය සමග පැවති තරගාවලියේදී ඉනිමක 4 කදී, ලකුණු  207 ක් රැස් කිරීමට සමත් විය.

මේ අතර අයර්ලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී, තරග දෙකේදීම ඔහු ශතක දෙකක් වාර්තා කිරීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here