වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. මෙහි පළමු තරගය අමෙරිකාව සහ අයර්ලන්ත අතර පැවැත්විණ.
පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම, පන්දුවාර 40 යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105 කි.
පිළිතුරු ඉනිම ආරම්භ කළ අයර්ලන්ත කණ්ඩායම, පන්දුවාර 22 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 109 ක් රැස් කරමින් තරගය ජය ගැනීමට සමත් විය.රයන් හන්ටර් නොදැවි ලකුණු 50 යි.
එම තරගාවලියේ තවත් තරගයක් පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතරයි.
පළමුවෙන් පන්දුවට පහර දුන්, දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් විය.
ඩෙවාන් මාරයිස් ලකුණු 65 යි.
පන්දු යැවීමේ දී නේතන් සිලි ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 40 යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 254 ක් පමණි.
ජුවෙල් ඇන්ඩෲ ලකුණු 130 ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩාක ක්වෙතා මෆ්කා ලකුණු 38 කට කඩුලු 5 ක් බිඳ හෙලීය.