ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට පුහුණුකරුවන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමට පුහුණුකරුවන් පුහුණු කිරීම උදෙසා ජාත්‍යන්තරයේ සිටින විශේෂඥ පුහුණුකරුවන් කිහිපදෙනකු ගෙන්වා ගැනීමට ක්‍රිකට් විධායක කමිටුව ඊයේ තීරණය කර ඇත. ඒ අනුව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හා පුහුණුකරු ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරි යන මහත්වරු ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.