වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයට පත් වීමට සිදුවිය.ඒ, ඉන්දියාව හමුවේ කඩුලු 7 කිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 208 ක් රැස් කිරීමට සමත් විය.දිනුර කළුපහන ලකුණු 67 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී මුෂිර් ඛාන් කඩුලු 3 ක් බිඳහෙලීය.පිළිතුරු ලෙස ඉන්දීය 19 න් පහළ කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 41 යි පන්දු 2 ක් තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස් කරමිනි.