සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු හතරක ජයක්.

0
346
Zimbabwe tour of Sri Lanka 2024 | 2nd T20I

ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවැනි 20/20 ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

මෙම පරාජය වාර්තා වන්නෙ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ 20/20 ජාත්‍යන්තර තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ලෙසයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ සිම්බාබ්වේ නායකයායි.

ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 දැවී ගියේ ලකුණු 2 කටය.

අනතුරුව ඇන්ජෙලෝ මැතිවිස් සහ චරිත් අසලංක 5 වැනි කඩුල්ලට ලකුණු 118 ක් සබඳතාවයක් ගොඩ නැගීය.

එය 20/20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු 5වැනි කඩුල්ලට ගොඩ නැගු ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා වේ.

චරිත් අසලංක ලකුණු 69 ක් රැස් කළ අතර ඇන්ජෙලෝ මැතිවිස් නොදැවී ලකුණු 66 යි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් රැස් කිරීමට සමත් විය.

පිලිතුරු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු පුවරුව 22 ක් වන විට දැවී ගියේය.

අනතුරුව ක්‍රෙග් අර්වින් සහ බ්‍රයන් බෙනට් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 74 කි.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රෙග් අර්වින් ලකුණු 70 කට දැවී ගියා.

සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේදී ලකුණු 20 ක් අවශ්‍ය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කලේ ඇන්ජෙලෝ මැතිවිස්.

එහිදී මැතිවිස් දැඩි ප්‍රහාරයකට ලක් විය.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව තරගාවලියේ ජය හිමි කර ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට පැවැත්වෙන තුන්වැනි තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි

Photo Credit : SLC

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here