ස්පැනිෂ් සුපර්කප් ශූරතාව 13 වෙනි වරටත් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම දිනා ගනී.

0
281

ස්පැනිෂ් සුපර් කප් පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් විය.

ඒ, බාසිලෝනා කණ්ඩායම පරාජය කරමිනි.

තරගය පැවැත්වුණේ, සෞදි අරාබියේ රියාද් නුවරදී.

ආරම්භයේ සිටම රියාල් මැඩ්රික් කණ්ඩායම දක්ෂ ක්‍රීඩා රටාවක නිරත විය.

ඔවුන් පළමු අර්ධයේදී වාර්තා කළ ගෝල සංඛ්යා‍ව 3 කි.

එම ගෝල තුනම ලබා ගත්තේ, වින්සියර් ජූනියර් විසිනි.

ප්‍රතිවාදී බාසිලෝනා කණ්ඩායම, එම අර්ධයේදී ලබා ගත්තේ, එක් ගෝලයක් පමණි.

දෙවැනි අර්ධයේදී ද රියාල් මැඩ්රිඩ් කණ්ඩායම එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව, ගෝල 4 ට 1 ක් ලෙස තරගය ජය ගත් රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි විය.

ඔවුන් මෙම තරගාවලියේ ශූරතාව දිනූ 13 වැනි අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here