ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු 20-20 ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු තරගය ද මෙය වීම විශේෂත්වයක්.
තරගයට සූදානම්වන දෙපිලේ ක්‍රීඩකයින් අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත විය.
දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ දක්වා පවත්වා ඇති ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් තරග සංඛ්‍යාව 3 ක්.
එම තරග තුනෙහිම ජය ශ්‍රී ලංකාව සතු විය.
කණ්ඩායම් දෙක අතර 20-20 ක්‍රිකට් තරගයක් මෙවර පැවැත්වෙන්නේ, 2012 වසරෙන් පසුවය.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වයෙන් සහ සිම්බාබ්වේ කණ්ඩායම සිකන්දර් රාසා ගේ නායකත්වයෙන් තරගවැදීමට නියමිතය.
වනිදු, මෙරට 13 වැනි 20-20 ක්‍රිකට් නායකයායි.
පාදයේ ආබාධයක් හේතුවෙන් මාස 6කට පසුව යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි වනිදු සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති අවසන් එක්දින තරගයේදී කඩුලු 7 ක් දවා ගැනීමට සමත් විය
එය වනිදුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීමයි.
20/20 ජාත්‍යන්තර තරග 58 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ වනිදු කඩුලු 91ක් දවාගෙන තිබෙනවා.
වනිදු ට 20/20 කඩුලු 100 සීමාව පසු කිරීමට තවත් ඇත්තේ කඩුලු 9 ක් පමණයි.
හෙට තරගය රාත්‍රී 7 ට කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සදහා ඉතා සහනදායී මිලකට ප්‍රවේශ පත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ප්‍රවේශ පත්‍ර මිල ගණන්
Grand Stand – Rs. 3000.00
A – B Upper – Rs.1000.00
A – B Lower – Rs. 750.00
C – D Upper – Rs. 500.00
C – D Lower – Rs. 200.00
By Tickets link:
https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home