ජය ගුවන් හමුදාවට…

0
337

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු තත්වය දැක්වුණේ 14 – 10 ලෙස යුධහමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව තවත් ලකුණු 7ක් රැස් කළ අතර, යුධ හමුදාව ලකුණු 3ක් රැස් කළා.

ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 17 – 14 ලෙස ගුවන් හමුදාවට ජය හිමි කර දෙමින්.

ගුවන් හමුදාව ලකුණු රැස් කළේ ගෝල දිනුම් 2 ක් සහ හා දඩුවම් පහරක් මගින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here