2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා තරග කරයි.
තරගාවලියට සඳහා ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 24ක් වන අතර ඊට ප්‍රථම වටයේ තරග 20ක් සහ අවසන් මහා තරගය ඇතුළුව playoff තරග 4ක් අන්තර්ගත වනවා.
පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් පහක් මේ සදහා තරග කිරීමට නියමිත ය. පසුගිය වර ශූරතාව දිනාගත්තේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි. මෙම තරඟාවලිය විශේෂත්වය වන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමයි.
උපරිම විදෙස් ක්‍රීඩකයන් 6කින් සමන්විත කණ්ඩායම් 5 පලමු වටයේදී එකිනෙකා සමගින් දෙවරක් තරග කරයි. ඉන් කණ්ඩායම් 4ක් අවසන් වටයට සුදුසුකම් ලබයි. පසුගිය තරගාවලි 3හිදි පැවති ක්‍රීඩක තෝරාගැනීම වෙනුවට මෙවර සිට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත. එයට අනුව වෙන්දේසියට ප්‍රථම ක්‍රීඩකයන් 4 දෙනෙකු තෝරාගැනීමට කණ්ඩායම් වලට අවස්ථාව ලබාදෙන ලදී.
ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර වලට අමතරව තවත් ප්‍රවේශ පත්‍ර කවුලු 3 ක් 25 වන දින සිට විවෘතව තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.
මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙත පිවිසීමෙන් මිලදී ගත හැක. ඊට අමතරව කොළඹ 07, විද්‍යා මාවතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශ පත්‍ර කවුලුව පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා විවෘතව තැබෙන අතර ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කවුලුව පෙ.ව. 10.30 සිට ප.ව. 6 දක්වාත් .කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලුව පෙ.ව. 11 සිට ප.ව. 6 දක්වාත් විවෘතව තැබෙනු ඇත.
කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන මෙවර එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 150 සිට රුපියල් 6500 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගත හැක.




















