පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්විය.
පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායමක් දිනා ගන්නා ලද්දේ වසර 8 ක කාලයකින් පසුවිය.
තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
තරගගාවලියේ වීරයා – වනිදු හසරංග