ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සංවිධානයෙන් ඊයේ (10) වන දින ටොරින්ටන් හි පැවති ජාතික කබඩි ශූරතාවලියේදී එහි පිරිමි ශූරතාව අම්පාර දිස්ත්‍රික් කණ්ඩායම දිනාගත් අතර කාන්තා ශූරතාව කිලිනොච්චි දිස්ත්‍රික් කණ්ඩායම දිනා ගන්නා ලදි.
මෙවර ජාතික කබිඩි ශූරතාවලිය සදහා දිස්ත්‍රික් 19 ක කණ්ඩායම් ඉදිරිපත් වී ඇත.
පිරිමි ජයග්‍රහණ
01 වන ස්ථානය : අම්පාර දිස්ත්‍රික්කය
02 වන ස්ථානය : මඩකලපුව දිස්ත්‍රික්කය
03 වන ස්ථානය : අනුරාධපුර දිස්ත්‍රික්කය
දක්ෂතම ක්‍රීඩකයා : එම්.ටී.අස්ලාම් සාජා (අම්පාර දිස්ත්‍රික්කය)
කාන්තා ජයග්‍රහණ
01 වන ස්ථානය : කිලිනොච්චි දිස්ත්‍රික්කය
02 වන ස්ථානය : යාපනය දිස්ත්‍රික්කය
03 වන ස්ථානය : මඩකලපුව දිස්ත්‍රික්කය
දක්ෂතම ක්‍රීඩිකාව : පී.දනුෂා (කිලිනොච්චි දිස්ත්‍රික්කය)