2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කිරුළ හිමාෂ ඒෂාන් දිනා ගනී.

0
342

තරගාවලියේ මීටර් 100 ඉසව්වේ කිරුළ දිනා ගැනීමට එම ඉසව්වේ ජාතික ශූර හිමාෂ ඒෂාන්ට හැකි වුනේ තත්පර 10.29ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

ඒ ඊයේ දින (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වු 2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවන දින පැවති මීටර් 100 ධාවන ඉසව්වට සහභාගී වෙමිණි.

තත්පර 10.47ක කාලයකින් තරගය අවසන් කළ එම්. යෝධසිංහ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර තත්පර 10.56ක කාලයකින් තරගය නිමා කළ එස්. ධර්මකීර්ති හට තෙවැනි ස්ථානය හිමි වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here