චමරි අතපත්තු සිය 06 වන ශතකය වාර්තා කරයි.

0
333

පන්දු 70 කට මුහුණ දී චමරිගෙන් ලකුණු 111 .

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු තරගය වූ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය. සිම්බාබ්වේහි හරාරේ පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී චමරිගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 278 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණ.

මුහුණ දුන් 64 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකාරිණිය කැරොලින් ලැන්ග් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 70 කට මුහුණ දී ලකුණු 111 ක් ලබා සිටියේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු චමරිගේ ශතකය ජාත්‍යන්තරයේ රැස් කරන ලද 6 වැනි ශතකය බවටද පත්විය.

හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළේ පන්දු 82 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාව වෙනුවෙන් හසිනිගේ දායකත්වය ලකුණු 26 ක් වද්දී චමරිගේ දායකත්වය ලකුණු 64 කිනි. මැද පෙළින් පන්දුවට පහර දුන් අනුෂ්කා සංජීවනී පන්දු 44 කදී ලකුණු 31 ක් ලබා ගනිමින් චමරිට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 278 යි – (චමරි අතපත්තු 111, හසිනි පෙරේරා 26, ප්‍රසාදිනී වීරක්කොඩි 6, ඉමේෂා දුලානි 17, නිලක්ෂි සිල්වා 26, අනුෂ්කා සංජීවනී 31, ඕෂධී රණසිංහ 09, උදේෂිකා ප්‍රබෝධනී 11*, තාරිකා සෙව්වන්දි 01, අචිනි කුලසූරිය 00,කැරොලින් ලැන්ජ් 64/4, සිල්වර් සීගර් 41/2, හීතර් සීගර්ස් 64/1, අයිරිස් ස්විලිංග් 53/1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here