ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති හමුවෙයි.

0
297

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා හා ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති, අතිගරු ශෙයික් සල්මාන් බින් කලීෆා මහතා අතර හමුවක් අද බහරේනයේ පිහිටි කලීෆා මහතාගේ නිල නිවසේදී පැවැත්විණි. කලීෆා මහතාගේ ආරාධනාවක් අනුව දෙරට අතර පාපන්දු සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙය පැවැත්විණි.

ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා මෙහිදී ලංකා පාපන්දුවෙහි ඉදිරි මාවත සහ ඔහුගේ දැක්ම පිළිබඳ ආසියානු පාපන්දු සංගමයේ සභාපති කලීෆා මහතා දැනුවත් කලේය. දෙදෙනා අතර සාකච්ඡාවේදී ආසියානු කලාපීය ප්‍රගතිය ගැන හා පාපන්දු ක්‍රීඩාවේ ආසියානු කලාපීය ප්‍රගතිය හා සම්භන්ද කරුණු බොහොමයක් සාකච්ඡා කරන ලදි. මෙහිදී ලංකාවේ පාපන්දුව වෙනුවෙන් ඕනෑම මොහොතක තමාගේ උපරිම සහයෝගය ලබාදෙන බවත්, ලංකාව තුල පාපන්දුව දියුණු කිරීමට සභාපතිවරයා දක්වන උනන්දුව අගය කරන බවත් වැඩි දුරටත් පෙන්වා දෙන ලදි.

මෙම නිල සංචාරය සැමරීම සඳහා ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අතර සමරු තිලිණයක්ද හුවමාරු කරගන්නා ලදි.

FFSL President, Jaswar Umar was invited by the AFC President, His Excellency Shaikh Salman Bin Khalifa to his official Majlis in Manama, Bahrain today. FFSL President briefly explained the way forward for Sri Lanka Football and his new vision. AFC President has expressed his fullest support to Sri Lanka Football for both short and long term developments. Both leaders discussed many points related to Asian and Regional progress of football. AFC President and FFSL President exchanged memento to remark this official visit .

SriLankaFootball #RestartFootball #AFC #JaswarUmar #NamalRajapaksa #MOYS #RiseUp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here