2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක්‍රීඩකයන් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය නවීන මෝටර් රථ දෙකක් පරිත්‍යාග කිරීම අද (07) උදෑසන සිදු වූවා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් අද උදෑසන ජාතික පැරාලිම්පික් කණ්ඩායම ජපානයෙන් පිටත්වන අවස්ථාවට ගුවන්තොටුපොලට පැමිණ ක්‍රීඩකයින් හට සුබ පැතුම් එක් කළේය.
තානාපතිතුමා විසින් ප්‍රකාශ කලේ රන්පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හා ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් යන ක්‍රීඩකයින් අපේ පුංචි රටට විශාල කීර්තියක් අත් කර දුන් බවත් ඉදිරියේදී තරඟ කරන ක්‍රීඩකයින්ට උත්තේජනයක් වන ආකාරයටත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ දක්ෂතා ඇගයීම පිණිසත් නවීන මොටර් රථ දෙකක් පරිත්‍යාග කරන බවයි.