මෙවර ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ දී ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා නාමය දෙවන වරට සනිටුහන් කිරීමට F 64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු ක්‍රීඩකයා සමත් විය.
මෙම තරග කාණ්ඩය යටතේ තම පෞද්ගලික හොඳම දක්ෂතාවය ද අභිබවා යමින් මීටර් 65.61ක දුරක් වාර්තා කළ දුලාන් සමිත ක්‍රීඩකයා තෙවන ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කම දිනාගත්තේය.