පැරාලිම්පික් 2020 ට ශ්‍රී ලංකාවෙන් 09 දෙනෙක්.

0
402

කායිකව ආබාධ වුවද මානසිකව ශක්තිමත් මිනිසුන් එකිනෙකා තරග වදින පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී 24 දින ආරම්භ වේ.

එම උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වේ. මෙම කණ්ඩායමේ නායකත්වය 2016 වසරේ රියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන් දිනෙෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා හොබවයි.

ටෝකියෝ පැරාලිම්පික් උළෙල සදහා රටවල් 163 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4537 දෙනෙකු සහභාගී වේ. එහිදී ක්‍රීඩා ඉසව් 22 කට අදාලව තරග 540 ක් පැවැත්වේ.

ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

  • දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා             – හෙල්ල විසි කිරීම එෆ් – 46  කාණ්ඩය
  • සමිත දුලාන් ක්‍රීඩකයා                        – හෙල්ල විසි කිරිම එෆ් – 44 කාණ්ඩය         
  • සම්පත් හෙට්ටිආරච්චි ක්‍රීඩකයා              – හෙල්ල විසි කිරිම එෆ් – 64 කාණ්ඩය
  • පාලිත බණ්ඩාර ක්‍රීඩකයා                     – යගුලිය විසි කිරීම එෆ් – 42 කාණ්ඩය
  • මධුරංග සුබසිංහ ක්‍රීඩකයා                    – මීටර 400 ඉසව්ව ටී – 47 කාණ්ඩය
  • කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාව                        – මීටර 100 ටී – 45/ දුරපැනීමේ ඉසව්ව 46 කාණ්ඩය
  • රංජන් ධර්මසේන ක්‍රීඩකයා                   – රෝදපුටු ටෙනිස් තරග ඉසව්ව
  • සම්පත් බණ්ඩාර ක්‍රීඩකයා                    – දුනු විදීමේ තරග ඉසව්ව
  • මහේෂ් ජයකොඩි ක්‍රීඩකයා                   – ඔරුපැදීමේ ඉසව්ව

කොරෝනා ව්‍යසනය හමුවේ ද පසුබට නොවී ලක් මව රනින්, රිදියෙන් සරසන්නට වෙරදරන ශ්‍රී ලාංකේය දිරිය ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ඔබට සුබ පැතුම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here