
බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියක් ඇතුලත් කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනය කැමති වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක මනු සව්නි මහතා පැවසීය.
2022 වසරේ ජූලි 28 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා මීලග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බර්මින්හැම්හිදී පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත. මෙම තරගාවලියට පළමු වරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 08 ක් සහභාගී කර ගැනීමට අපේක්ෂිත අතර, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 06 ක් සහ සත්කාරක රට සහ එඩ්ග්බැස්ටන් හි පැවැත්වෙන තරගාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායම් මේ සදහා තොරා ගැනීමට නියමිතය.