යොවුන් කාන්තා ලෝක කුසලානයත් කල් යන ලකුණු

0
512

බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිත පළමු අවු­රුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුසලාන තරඟාවලියක් කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2021 වසරේ ජනවාරි මස දී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය පිළිබඳව අවසන් තීරණය එළඹෙන නොවැම්බර් මස දී ගැනීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 2020 විස්සයි 20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය සහ 2021 කාන්තා එක්දින ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය වසර 2022 දක්වා කල් දමනු ලැබු­වද යොවුන් කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පිළි­බඳ මෙතෙක් අයි­සී­සීය නිල නිවේ­ද­න­යක් නිකුත් කර නැත.

නමුත් බංග්ලා­දේ­ශය ඇතුළු බොහෝ රට­වල කොරෝනා වසං­ගය නැවත හිස එසැ­වී­මත් සමඟ යොවුන් කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වීමේ අව­දා­න­මක් මතු වී තිබේ. අවු­රුදු 19න් පහළ කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යක් ආරම්භ කිරී­මට අයි­සී­සීයේ අව­ධා­නය යොමු වී ඇතැයි ප්‍රකා­ශ­යට පත්වූයේ පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාසයේ ඩුබායි නුවර පැවැති සිව්දින සමු­ළු­වේ­දීය. ඒ අනුව 2021 දී එහි පළමු තර­ගා­ව­ලිය බංග්ලා­දේ­ශයේ පැවැ­ත්වී­මට තීර­ණය වූ අතර, ඉන් පසු වසර දෙක­කට වරක් යොවුන් කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වී­මට තීර­ණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here